Photoshop Tutorial in Sinhala - By Gishan Sandaruwan

1st Lesson in Adobe Photoshop Cs3 ( සිංහල)

සුබ දවසක් යාලුවනේ..අද අපගේ Photoshop පාඩම් මාලාවේ පළමු කොටස..! කව්රුත් ඔයාලට මුලින් කියල දෙන්නේ යම්කිසි මෘදුකාංගයක් ගත්තම එකේ තියන Basics.. නමුත් මම මෙතැනදී ඔයාලට Basics කියල දෙන්න යන්නේ නැහැ.මොකද අපි ඔයාලට කියල දෙන Lesson වලින් Basics විස්තරාත්මකව ඔයාලට කියල දෙනවා..

සැලකිය යුතුය : මෙම Site එකෙහි පලවන කිසිවක් වෙන site එකක පල කිරීම සදහා කතෘගේ අනුමැතිය  ලබාගත යුතු වන අතර එසේ නොමැති හෝ වෙනත් අවශ්‍යතා සදහා යොදාගෙන ඇත්නම්, ඔවුන් කෙරෙහි අදාල ක්‍රියාමාර්ග ගන්න බවත් ඔබ වෙත කාරුණිකව සදහන් කරමි.!  


 "COPY PROTECTED IN THIS SITE"

How To Create a Real Drop Shadow in Photoshop Cs3
(පින්තුරයකට සෙවනැල්ලක් එක් කරමු)


Step 1
ඔබට අප ඉතාමත් සරල ආකාරයනුයි මේ දේ කියල දෙන්නේ.! ඔය දන්නවා ඇති එක එක image වල File Type ඒවා. ("jpge,png,gif,bmp") වැනි type ඊට නිදසුන් ලෙස ඔබට ලබා දෙන්නම්..! මේ දේ ඉතාමත් සරලව කියා දෙන්න අවශ්‍ය වන නිසා මම ඔයාලට මේ වැඩේ කරන්න යොදා ගන්න කියනව " jpeg type, and png " Image type " මම මේ වැඩේ කරන්න " PNG" image එකක් යොදා ගත්තා. පහතින් දැක්වෙන්නේ ඒ png Image එක ..ඔයාලටත් එක ලබා ගන්න ඕනේ නම් මෙතන Click කරලා එය ඔබගේ පරිගණකයට භාගතකරගැනීමට පුළුවන්.

 


Step 2

දැන් ඔබ Photoshop එක Open කරගන්න.  පසුව " File හි New යන්න තෝරන්න.! ඉන් පසුව පහත ආකාරයෙන් ඔබට Box එකක් දක්නට ලැබෙනවා.. ඔබ එම Box එකෙහි ආකාරයටම තියන දේවල් සකසන්න.



















පසුව Ok ලබාදෙන්න..


Step 3

දැන් ඔබ නැවතත්  File හි Open යන්න ලබා දෙන්න.." මෙහෙදී ඔබ කලින් ඔබගේ පරිගණකයට භාගතකරගත් PNG Image එක තෝරාගෙන  නැවතත් Open කියන එක දෙන්න.!

පසුව පහත ආකාරයෙන් ඔබට දක්නට ලැබෙනවා
නේද?

Step 4

දැන් ඔබ ලබාගත් PNG image එක ඔබ සකසාගත් සුදු පාට background එකට drag කිරීමක් සිදු කල යුතුය.! " Folder එකක් යම්කිසි තැනකට Drag කරගෙන යන ආකාරයෙන් ඔබ ඒ දෙය සිදු කරන්න.!
ඔබ නිවැරදිව ඒ දේ සිදු කල නම් පහත පින්තුරය ආකාරයට ඔබට දක්නට ලැබේවි.!

 රුපයේ කොටසක් පමණයි ඔබට දක්නට ලැබෙන්නේ.. ඔබ සම්පුර්ණ රුපය පෙනෙන ආකාරයට මෙය සකසා ගත යුතුය.ඒ සදහා ඔබ කලයුත්තේ ඔබගේ Keyboard එකෙහි ඇති Ctrl යතුර සහ T යතුර එකවර Press කර ඔබගේ රුපය මදක් පෙනෙන තුරු පහලට ඇදගන්න. පසුව Shift Key එක Press කරගෙන ඔබ   ඉහල කෙලවරේ ඇති size ඩොට් එකෙන් රුපය පෙනෙන ආකාරයෙන් සැකස ගන්න.. පහත රුපය ..!

 රුපය පෙනෙන ලෙස දකුණු කෙලවරේ සකසා ගත් පසු "Enter" යතුර Press කරන්න.!

Step 5

දැන් ඔබ කල යුත්තේ මෙහි අනුරුවක් සකසා ගැනීමය.! මේ සදහා ඔබ Layers යන Window එක ලබාගත යුතුය. දැනටමත් පැත්ත ආකාරයේ Window එකක් දකුණු කෙලවරේ දක්නට ලැබෙනවා නම් ගැටළුවක් නැහැ. එහෙම Window එකක් නැතිනම් ඔබ ඔබගේ Keyboard  එකෙහි ඇති F7 යතුර Press කරන්න.. දැන් ඔබට පේනවා නේද එකේ අපි සැකස ගත්ත සුදු පාට background එකයි පසුව අපි යොදාගත්ත PNG image එකයි. ඔබ දැන් එහෙ තියන Layer 1 කියන එක Right Click කරන්න.. පසුව එහි ඇති Blending Option යන්න ලබාදෙන්න.


Step 6

පසුව ඔබට Window එකක් දක්නට ලැබෙනවා. එහි තියනව නේද Drop Shadow කියල? එකේ Drop Shadow කියන Text එක උඩ Click කරන්න. එහි ඇති Opacity එක 100 ලබාදෙන්න..! දැන් Ok යන්න ලබා දෙන්න.!




Step 7

ඔබට දැන් පහත ආකාරයෙන් දක්නට ලැබෙනවා නේද? ඔබගේ PNG image එකෙහි යම් කිසි Shadow එකක් ඇඩ් වෙලා තියනවා. දැන් ඔය නැවතත් යන්න layer panel එකට..පහත රුපය බලනව නම් තේරනව කරන්න ඕනේ දේ.. ඔය දැන් ඔය PNG image එකට දාගත්තු Shadow එක පෙන්නනවා නේද ? මම නිල් පාටින් රවුම් කරලා තියන තැනට ගහින් ( Drop Shadow) කියන එක Right Click කරලා Create layer කියන එක ලබාදෙන්න..!  නැවත එන විදනයත් Ok යන්න ලබා දෙන්න.
Step 8

දැන් ඔයාලට පහත රුපයේ පරිදි layer panel එකේ " Layer 1's Drop Shadow" කියල වෙනම Layer එකක් එකතු වෙනව. ඒක Click කරලා, ඔයා ඔයාගේ යතුරු පුවරුවේ තියන Ctrl යතුර සහ T යතුර එක වරම ප්රෙස්ස් කරන්න..එසේත් නැති නම් Edit - Free Transform යන්න ලබා දෙන්න..!



Step 9

පසුව ඔබට දක්නට ලැබෙනවා එහෙ පහත ආකාරයෙන් ඔබ මෙහි ඇති Middle Size ඩොට් එක  ඔබගේ යතුරු පුවරුවේ ඇති Ctrl යතුර වම පස පහල කෙලවරට Drag කිරීමක් සිදු කරන්න.


පසුව ඔබට පහත රුපයේ ආකාරයට දක්නට ලැබෙනවා.  එහි ඔබ ඉහත රුපයට සමාන වෙන පරිදි යට කොටස සකසා ගත යුතුය.!




Step 10

දැන් සාර්ථකව ඔබ ඔබ ලබාදුන් සෙවනැල්ල ඉහත රුපයේ පරිදි සැකසීමක් සිදු වෙන්ව.. එහෙත් ඔබට පෙන්වා ඇති එකේ අදුරු ගතිය වැඩි බව. අවසන් පියවරෙන් කියල දෙන්නේ එක කොහොමද හදා ගන්නේ කියල..ඔය දන්නවනේ දැන් layer Box එක!  පහත රූපයත් බලන්න තේරෙන්නෙම නැතිනම්.!



මේකේ තියනව නේද Opacity කියල එකක්..එක 50 දෙන්න.! පසුව පහත රුපයේ ආකාරයෙන් ඔබ ලබා දුන් සෙවනැල්ල දක්නට ලැබේවි.. යම් තැනක ගැටළුවක් තියනවනම් මට කියන්න



ජයෙන් ජය.!

ගැටළුවක් තියනවනම් කලින් කිව්වා වගේ පහත Comment box භාවිත කරන්න.!

.:: LESSON TUTORIAL BY : GISHAN SANDARUWAN ::.










2 comments:

  1. machan photoshop walin logo hadanna kiyala deepanko ,site ekanam supiri

    ReplyDelete
  2. ඉදිරි ලිපි වලදී (Flyers, Banners, Vectors, Logo) මේ හැම දෙයක්ම කරන හැටි කියල දෙනවා.. අදහස් දැක්වුවට ස්තුතියි.!

    ReplyDelete

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)